ගෝඨා එන්න කියපු රැස්වීමට ආපු නැති ගණන 52ක්! මෛත්‍රී-විමලුත් රැස්වීම මගඇරලා!
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
26

ගෝඨා එන්න කියපු රැස්වීමට ආපු නැති ගණන 52ක්! මෛත්‍රී-විමලුත් රැස්වීම මගඇරලා!

ගෝඨා එන්න කියපු රැස්වීමට ආපු නැති ගණන 52ක්! මෛත්‍රී-විමලුත් රැස්වීම මගඇරලා!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පසුගිය 24 පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රිවරුන් පනස් දෙදෙනෙකු පැමිණ නැති බව අනාවරණය වේ.

 

ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබාදෙන මන්ත්‍රිවරු එකසිය පනස් නවයක් සිටිති.

 

එම පිරිසෙන් මන්ත්‍රිවරුන් පැමිණ ඇත්තේ එකසිය හතක් පමණක් බව පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කාර්යාල වාර්තා සඳහන් කරයි.

 

නොපැමිණි මන්ත්‍රිවරුන් පනස් දෙදෙනාගෙන් විසිදෙනෙකු පැමිණීමට නොහැකි බව දැනුම් දී ඇත.

 

නොපැමිණි මන්ත්‍රිවරුන් අතර හිටපු ජනාධිපති ​මෛත්‍රිපාල සිරිසේන සහ විමල් වීරවංශද සිටින බව අනාවරණය වේ.

 

මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගැටලු පිළිබඳ සාකච්ඡා කළද මුදල් ඇමැතිවරයා බැසිල් රාජපක්ෂ කිසිවක් ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයක් බව මන්ත්‍රිවරුන් පවසති.

 

 

 

-අරුණ

views

780 Views

Comments

arrow-up