ගිලුනු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තවත් ඉන්ධන ටොන් 278 ක් ඇති බවට සැක
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

ගිලුනු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තවත් ඉන්ධන ටොන් 278 ක් ඇති බවට සැක

ගිලුනු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තවත් ඉන්ධන ටොන් 278 ක් ඇති බවට සැක

කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තවදුරටත් ඉන්ධන මෙටි්‍රක් ටොන් 278 ක ප්‍රමාණයක් ඇති බවට උපකල්පනය කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
 

එහි සභාපතිනි දර්ශනී ළහඳපුර සඳහන් කළේ අදාළ නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පරිසර හානිය ගණනය කිරීමේ විද්වත් කමිටුවේ මූලික වාර්තාව නොවැම්බර් 30 වනදා අග්‍රාමාත්‍යවරයාට ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
 

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් තිබියදී පසුගිය අප්‍රේල් 20 වනදා ගිනි  ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදු කලාපයට ඇදගෙන යාමට කටයුතු කිරීමේදී උස්වැටකෙයියාව මුහුදු ප්‍රදේශය ආසන්නයේ පසුගිය සැප්තැම්බර් මාසයේ මුහුදුබත් වුණා.
 

නෞකාවේ ගින්න හේතුවෙන් මෙරට වෙරළ තීරයට සැලකිය යුතු බලපෑමක් එල්ලවූ අතර එහි තිබූ රසායන ද්‍රව්‍ය සහ සුන්බුන් මෙන්ම බහාලුම් මුහුදට එක්වීම නිසා එම මුහුදු කලාපය ධීවර කටයුතු වලින් තහනම් කිරීමට ධීවර අමාත්‍යාංශය පියවර ගත්තා.
 

ඒ රසායන ද්‍රව්‍යවලින් සහ නෞකාවේ සුන්බුන් වලින් ධීවරයින්ට එල්ල විය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින්.
 

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අත්අඩංගුවට ගැනීමට කොළඹ වානිජ මහාධිකරණය පසුගිය 7 වනදා කොළඹ වරායේ පාලනාධිකාරියට වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.  
 

නෞකාව ගිනිගැනීමට ලක්වන විට එහි නයිටි්‍රක් අම්ලය, කෝස්ටික් සෝඩා, මෙතනෝල්, සෝඩියම් මෙතොක්සයිඩ් වැනි රසායන ද්‍රව්‍ය මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු බහාලුම් 1486ක් ප්‍රවාහනය කරමින් තිබුණා.
 

එම අවස්ථාවේදී එහි ගබඩා කර තිබූ ඉන්ධන ප්‍රමාණය ටොන් 300 ක් පමණ වන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර සඳහන් කළේ.

views

887 Views

Comments

arrow-up