බඩු මිල ගැන පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර දුකෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

බඩු මිල ගැන පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර දුකෙන්

බඩු මිල ගැන පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර දුකෙන්

ඉහළ යන භාණ්ඩ මිල හේතුවෙන් ජනතාව අමාරුවේ වැටී ඇති බවත් ආණ්ඩුව බඩු මිල සම්බන්ධව  මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේය.

 

ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් භාණ්ඩ මිල ඉහළ යෑමේ ප්‍රශ්නයට මැදිහත් වන්නැයි ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේ‍ය.

 

බඩු මිල මේ ආකාරයෙන් ඉහළ ගියහොත් කොතැනින් නතරවේ දැයි සිතා ගත නොහැකි බවත් භාණ්ඩ මිල දරා ගත නොහැකි පිරිස්වලට ආණ්ඩුව යම් සහනයක් ලබාදිය යුතු බවත් ඔහු කියා සිටියේය.

 

විශේෂයෙන් අඩු ආදායම්ලාභීන්ට ඉදිරි අයවැයෙන් සහන නොලැබුණහොත් ඒ අය බරපතළ අමාරුවක වැටෙන බවද එවැනි සහනාධාරයක් නොලැබුණහොත් ජනතාව කබලෙන් ලිපට නොව ලිපෙනුත් පහලට වැටෙන බව ස්ථිර යැයිද පැවසීය.

 

තමා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වුවද බඩු මිල රටේ ජනතාවට දරා ගැනීමට අපහසු බව තමා ප්‍රකාශ කරන්නේ යැයිද මන්ත්‍රීවරයා කීවේය.

 

ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ බොහෝ දෑ ඉටුකිරීමට නොහැකි වූයේ කොවිඩ් වසංගතය නිසා බවත්  බලාපොරොත්තු ඉටු නොවීම හේතුවෙන් ජනතාව අතරේ ආණ්ඩුව කෙරෙහි යම් අප්‍රසාදයක් ඇති බව තේරුම් ගෙන සිටීම ගැන ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

views

708 Views

Comments

arrow-up