ගෑස් මිළ ඉහළ යාමෙන් ආදාහන ගාස්තුවත් වැඩිවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

ගෑස් මිළ ඉහළ යාමෙන් ආදාහන ගාස්තුවත් වැඩිවෙයි

ගෑස් මිළ ඉහළ යාමෙන් ආදාහන ගාස්තුවත් වැඩිවෙයි

ගෑස් මිළ ඉහළ යාම නිසා මෘත දේහයන් ආදාහනය කිරීමේදී අය කරනු ලබන  ගාස්තුව  රුපියල් 1,500 කින් වැඩි කිරීමට පූජාපිටිය ප්‍රා දේශිය සභාව අද(12) පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී තීරණය කරනු ලැබීය.

 

පූජාපිටිය නගරයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී එහි සභාපති අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී හදිසි යෝජනාවක් ලෙස සභාපති අනුර ප්‍රනාන්දු මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් පැවසුවේ ගෑස් මිළ ඉහළ යාම හේතුවෙන් මෘත දේහ ආදාහනය කිරිමට වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බැවින් ආදාහන ගාස්තු රුපියල් 1500කින් ඉහළ නැංවීම සඳහා යෝජනා කරන බවයි.

 

 ඒ අනුව එම නගර සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ ආදාහනයකදී දැනට අය කරනු ලබන රුපියල් 7,000ක මුදල රුපියල් 8500 දක්වාත්, බල ප්‍රදේශයෙන් පිට පදිංචි පුද්ගලයින්ගෙන් අය කරනු ලබන රුපියල්  8,000ක ගාස්තුව රුපියල් 9,500 දක්වාත් වැඩි කරන බවත් ආදාහනාගාරය පිහිටි වසමේ පදිංචිකරුවන්ගෙන් අය කරනු ලබන රුපියල් 5,500ක ගාස්තුව රුපියල් 7,000 දක්වාද ඉහළ නැංවිමට යෝජනා කරන බවත් කීවේය.

 

කෙසේ වුවද මෙම ආදාහන ගාස්තු ඉහළ නැංවීම ක්‍රියාත්මක කරනු ලබන්නේ 2022 ජනවාරි මාසයේ පළමු වනදා සිට බවත් ඉදිරියේදි ගෑස් මිළ අඩුවුවහොත් ආදාහන ගාස්තුද අඩු කිරීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා පැවසීය.

views

736 Views

Comments

arrow-up