නිදහස් උළෙලට පුහුණු වූ සිවිල් ආරක්ෂක භටයින් 17කට කොරෝනා - කොළඹ පැමිණි පිරිසක් ගැනත් තොරතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
31

නිදහස් උළෙලට පුහුණු වූ සිවිල් ආරක්ෂක භටයින් 17කට කොරෝනා - කොළඹ පැමිණි පිරිසක් ගැනත් තොරතුරු

නිදහස් උළෙලට පුහුණු වූ සිවිල් ආරක්ෂක භටයින් 17කට කොරෝනා - කොළඹ පැමිණි පිරිසක් ගැනත් තොරතුරු

කොළඹ පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින පෙර හුරුවට සහභාගි වන පිරිස් කොරෝනා අවදානමට ලක්ව ඇති බව නුරාධපුරය ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසනවා.

 

පසුගිය 6 වැනිදා මිහින්තලේ සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ පැවැති පුහුණුවීම්වලට සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් විවිධ ප්‍රදේශවලින් සහභාගි වී ඇති අතර සිදුකළ අහඹු පරීක්ෂණ 90කින් 17 දෙනෙක් කොරෝනා සදහා ධනාත්මක බව හඳුනාගෙන තිබෙනවා.

 

එම පෙරපුහුණු වලදී පැමිණි සිටි සිවිල් ආරක්ෂක බලකා උණ සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස වැනි රෝග ලක්ෂණ ද පැවති බව සඳහන්.

 

රෝග ලක්ෂණ පෙන්නුම් කරන මාජිකයින් මිහින්තලයේ ප්‍රදේශයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය ක රඳවා තිබෙනවා.

 

එම පෙර පුහුණු වලට පැමිණි දෙසීයක පමණ පිරිසක් කොළඹ පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු වලට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

 

ඔවුන් සඳහා PCR පරීක්ෂණ කිරීමෙන් පමණක් අවදානම අවම කර ගත හැකි අතර Antigen පරීක්ෂණවලින් පමණක් රෝග තත්ත්වයන් තහවුරු කරගැනීමට වැඩි අවස්ථාවක් නොලැබෙන බව වෛද්‍ය තේජන සෝමතිලක මහතා වැඩිදුරටත් කියා සිටියා.

views

701 Views

Comments

arrow-up