MV Eurosun නෞකාව කුඩා රාවණා ගල් පරයෙන් ඉවතට (PHOTOS)

කිරින්ද මුහුදු ප්‍රදේශයේ කුඩා රාවණා ප්‍රදීපාගාරය ආසන්නයේ ගල්පර වල ගැටී අනතුරට ලක්වූ MV Eurosun නෞකාව එම මුහුදු ප්‍රදේශයේ පවත්නා වඩදිය තත්ත්ව හමුවේ ඇති වූ දිය වැල් වල බලපෑමෙන් ගල් පරයෙන් ඉවතට ගොස් තිබෙනවා.
ගල්පර වැදි සිරවී තිබූ එම නෞකාවේ බඳ කොටසට හානි වී ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා නෞකාව යළිත් ආරක්ෂිත ස්ථානයක නැංගුරම් ලා නැවත නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් මගින් පරික්ෂා කිරීමට නියමිතයි.
අද දිනයේ දී නෞකාවේ බඳ කොටස පරීක්ෂා කිරීමෙන් අනතුරුව බද කොටසට කිසිදු හානියක් සිදු වී නැති බවයි තහවුරු කර ඇත්තේ.
නෞකාවේ පසුපස සිට ඉදිරියට මීටර් 70 ක පමණ කොටසක් ගල් පරයේ සිරවී තිබුණා.
මෙම නෞකාව අනතුරට ලක් වූ මොහොතේම නාවික හමුදාව කිමිදුම් කණ්ඩායම් සමගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ රත්නදීප නෞකාව විමර්ශන කටයුතු සඳහා එක්කර තිබුණා.
ගුවන් හමුදාවෙන් ද නෞකාවේ නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබුවා.
1041 Views
Comments