කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන මම සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට සතුටු වෙනවා – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන මම සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට සතුටු වෙනවා – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන මම සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට සතුටු වෙනවා – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි.

 

විදෙස් ආයෝජකයන් සම්බන්ධ කර ගැනීම හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව යුගයක් එළඹෙනු ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

 

විදේශ ආයෝජන යනු රට පාවාදීමක් නොවන බවත්, වියට්නාමය වැනි සමාජවාදී රටවල් පවා මෙම සත්‍යය අවබෝධ කරගෙන විදෙස් ආයෝජකයන් සමග සම්බන්ධ වී ඇති බව සමරවීර මහතා පවසනවා.

 

ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද තරැණයින්ට රැකි රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද විදේශ ආයෝජකයින් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණක් බව ඒ මහතා පේනවා දෙනවා .

 

2015 වසරේදී යහපාලන රජය විදෙස් ආ‍යෝජකයන් ගෙන්වා ගැනීම සඳහා තැබූ ආරම්භය ඉදිරියට පවත්වා ගැනීමට වත්මන් රජය තීරණය කිරීම සතුටට කාරණයක් බවත්, ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විදෙස් ආයෝජකයන් සමග එක්ව දියුණු කිරීම සඳහා තමන් පූර්ණ සහයෝගය දක්වන බවයි මංගල සමරවීර මහතා පවසන්නේ.

 

කෙසේ නමුත් විදේශ ආයෝජකයන් සමග සම්බන්ධ වීම රට පාවාදීමක්, දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස හැඳින්වූ පුද්ගලයන්, එදා ඔවුන් ජනතාව රැවටීමට කිවූ බොරුවලින්ම බැටකමින් සිටින බවත්, එදා කිව් බොරු අද ඔවුන්ටම පාරා වලල්ලක් වී ඇති බවද මංගල සමරවීර මහතා අවධාරණය කරයි.

 

 

 

 

 

views

821 Views

Comments

arrow-up