අම්මාගේ කොණ්ඩ බූලයේ සිටි මරුවා පුංචි දරුවා අරන් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

අම්මාගේ කොණ්ඩ බූලයේ සිටි මරුවා පුංචි දරුවා අරන් යයි

අම්මාගේ කොණ්ඩ බූලයේ සිටි මරුවා පුංචි දරුවා අරන් යයි

මවගේ කොණ්ඩ බූලයක් ගෙලට දමා ගත් 8 හැවිරිදි පිරිමි දරුවකු ගෙල සිර වීමෙන් 6 වැනිදා සවස මිය ගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.

 

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට, මාබෝගඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මදුරාවල කනිෂ්ඨ විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලබන සේනාධීර පතිරගේ රුවන් මතීෂ පෙරේරා නමැති දරුවෙකි.

 

සිද්ධිය වන අවස්ථාවේදී දරුවා පමණක් නිවසේ සිට ඇති අතර දරුවාගේ මව නිවස ආසන්නයේ අවමඟුලකට සහභාගි වෙමින් සිට තිබේ.

 

ඉංගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක වෑද්දුම්කරුවකු ලෙස සේවය කරන පියා රැකියාව නිම වී නිවසට පැමිණ කාමරයට යෑමේදී දරුවාගේ සිරුර බිත්තියේ එල්ලෙමින් තිබෙනු දැක වහා ක්‍රියාත්මක වී හොරණ මූලික රෝහලට රැගෙන විත් තිබූ බව පොලිසිය කියයි.

 

හොරණ මූලික රෝහලේ වෛද්‍යවරුන් දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක් ගත්තද ඔහු මිය ගිය බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

 

දරුවා මවගේ කොණ්ඩයට දමන කොණ්ඩ බූලක් ගෙලට දමා ගෙන පොත් බෑගය එල්ලීම සඳහා බිත්තියේ ගසා තිබූ ඇණයකට දමා පුටුවකින් බිමට පැන ඇති බවට පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

 

දරුවා පදිංචිව සිටි නිවස ආසන්නයේ පුද්ගලයකු මීට වසරකට පමණ ඉහතදී නිවසක කොන්ක්‍රීට් කණුවක එල්ලීමෙන් මියගොස් ඇති අතර දරුවා එය සියැසින් දැක තිබූ බවත් ඔහු ද ඒ ආකාරයෙන් පසුගිය දිනක වයරයක් රැගෙන එල්ලීමට උත්සාහයක් දරා තිබූ බවට අසල්වාසියකුගෙන් දැනගන්නට ලැබුණ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

 

එම සිද්ධිය අසල්වැසියා දෙමාපියන්ට දන්වා ඇතැයි ද පොලිසිය කියයි. එම දරුවා අත්හදා බැලීම්වලට නැඹුරුවක් දක්වන අයෙක් බවත් එම අසල්වැසියා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා පැවැසීය.

 

දරුවාගේ දෙමාපියන්ට හෝ වැඩිමහල් සහෝදරියට ජංගම දුරකථනයක් ද නොමැති බව පොලිසිය කියයි.

views

1015 Views

Comments

arrow-up