පොලිසිය සමඟ පොර බදන්න ගිය මාළු වෙළෙන්දා වෙඩි වැදී මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
19

පොලිසිය සමඟ පොර බදන්න ගිය මාළු වෙළෙන්දා වෙඩි වැදී මරුට

පොලිසිය සමඟ පොර බදන්න ගිය මාළු වෙළෙන්දා වෙඩි වැදී මරුට

නෙළුව, මැදගම මත් ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන බවට ලැබුණු තොරතුරක් මත නෙළුව පොලිස් නිලධාරි කණ්ඩායමක් නිවසක් වැටලු‍ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය උදුරා ගැනීමට ගිය අවස්ථාවේ එය පත්තුවි එක් අයෙකු මියගොස් ඇතැයි නෙළුව පොලිසිය පවසයි.

 

පාලු‍ නිවසක පිරිසක් නිතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමක් කරන බවට ලැබුණු තොරතුරක් මත නෙළුව පොලිසියේ නිලධාරින් පිරිසක් එම නිවස වටලා තිබෙන අතර එහිදි දෙදෙනෙකු පලාගොස් ඇති අතර  දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ. 

 

ඔවුන් පොලිස් නිලධාරින් සමඟ පොර බැදිමේදි පොලිස් නිලධාරියෙකුගේ අත තිබු පිස්තෝලය ස්වයංක්‍රියව පත්තුවි එක් අයෙකු තුවාල ලබා ඇත. 

 

පසුව එම පුද්ගලයා වහා නෙළුව රෝහලට ගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිට තිබේ.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ මොරවක 29 හැවිරිදි විවාහක මාලු‍ ව්‍යපාරිකයෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

views

284 Views

Comments

arrow-up