නව වසරක පෙමට තිත තැබුවයි කිපී පෙම්වතියගේ අත කැපූ පෙම්වතා රිමාන්ඩ්

නව වසරක පේ‍්‍රම් සබඳතාව නතර කිරීමට පෙම්වතිය යෝජනා කිරීම හේතුවෙන් පෙම්වතියගේ අත කපා තුවාල සිදු කිරීමට වැරදිකරු වූ පෙම්වතෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු 11වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 32 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මෙම සැකකරු ගාල්ල නගරයේ දුරකථන ආයතනයක සේවය කරන වඳුරඹ ප්‍රදේශයේ තරුණියක් සමඟ මෙයට වසර නවයකට පෙර සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබේ.
පසුගිය පළමු වන දින රට විවෘත කිරීමෙන් අනතුරුව එදින සවස ඔවුන් තල්පෙ ප්‍රදේශයේ දී හමුවී ඇති බවත් එහිදී ප්‍රේම සම්බන්ධය නතර කිරීමට තරුණිය විසින් යෝජනා කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
එම අවස්ථාවේ දැඩි ලෙස කෝපයට පත් සැකකරු පිහි තලයකින් ඇයගේ අත කපා තුවාල සිදුකර ඇති බවත් ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.
12780 Views
Comments