කොවිඩ් එන්නත අනිවාර්යය කිරීමේ සූදානමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
27

කොවිඩ් එන්නත අනිවාර්යය කිරීමේ සූදානමක්

කොවිඩ් එන්නත අනිවාර්යය කිරීමේ සූදානමක්

කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම අනිවාර්යය කිරීම සම්බන්ධව අවශ්‍යතාව අනුව ඉදිරියේදී නීතිරීති සම්මතකර ගැනීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

 

මහනුවර ජාතික රෝහලේ ඊයේ(26) පැවැති වැඩසටහනකින් පසු මාධ්‍යවෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.

 

“සෞඛ්‍ය අංශ දැඩි ලෙස ඉල්ලීමක් කරනවා තමාගේ ආරක්ෂාව පිණිස මේ එන්නත් මාත්‍රා දෙකම ලබාගන්න කියලා.

මාගේ ජීවිතය ගැන තමාට අයිතියක් තියෙනවා, වගේම තව කෙනෙකුට එය බෝවෙන එක වැළැක්වීමට ගන්නා තීරණවලට විරුද්ධ වෙනවා නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා.

ඒ නිසා නීතිමය තත්ත්වයත් අත්‍යවශ්‍ය තත්ත්වයත් තුළ අපිට ඒ දේ කළ හැක්කේ කෙසේද කියන තීන්දුව ගන්න සිද්ධවෙනවා.”        

   

බොහෝ දෙනෙක් එන්නත් ලබාගැනීමට පැමිණෙන නමුත් ඇතමුන් එය නොසලකා හරින තත්වයක් තුළ රටේ අවශ්‍යතාවය මත ඉදිරියේදී එන්නත ලබාගැනීම පිළිබඳ සමාලෝචනය කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

එන්නත්කරණය සම්බන්ධව ඉදිරියෙදී නීති රාමුවක් සකස් කිරීම අවශ්‍ය නම් එය සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡාකොට සිදුකරන බවත් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

views

696 Views

Comments

arrow-up