උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ කිහිපයක මිල පහත දමයි

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙන බව වෙළඳ අමාත්‍යවරයා අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
ඒ අනුව දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 115 කි ලෙසත් තේ කොළ ග්‍රෑම් 100 ක මිල රුපියල් 95 ක් ලෙසත් සෝයා තෙල් මිලි ලීටර් 500 ක මිල රුපියල් 310 ක් ලෙසත් වනු ඇත.
මීට අමතරව අත් සේදුම් කාරක මිලි ලීටර් 100 ක මිල රුපියල් 250 ක් දක්වා අඩු කරන බවත් වෙළඳ අමාත්‍යවරයා පවසනවා.
එමෙන්ම අත් සේදුම් කාරක දියර මිලි ලීටර් 50 ක මිල රුපියල් 150 දක්වා අඩුකර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය සහිත මුහුණු ආවරණයක මිල රුපියල් 14 ක් දක්වා අඩු කර තිබේ.
මීට අමතරව පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත් දැනට පවතින මිලට අනුව වඩා 20% කින් අඩු කර තිබේ.
ඒ අනුව ඉහත භාණ්ඩ සියල්ලම අඩු කල මිල ගණන් යටතේ ලබන සදුදා සිට සතොස අලෙවිසැල් වලින් ලබා ගැනීමට මහජනතාවට හැකියාව ලැබේ.
937 Views
Comments