මුස්ලිම් නීති සංශෝධනයට කමිටුවක් - 'මේක ආප්ප දානව වගේ කරන්න බෑ' - අලි සබ්රි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
31

මුස්ලිම් නීති සංශෝධනයට කමිටුවක් - 'මේක ආප්ප දානව වගේ කරන්න බෑ' - අලි සබ්රි

මුස්ලිම් නීති සංශෝධනයට කමිටුවක් - 'මේක ආප්ප දානව වගේ කරන්න බෑ' - අලි සබ්රි

නීතියේ විය යුතු වෙනස්කම් වෙනස් කිරීමට මේ වන විට කමිටු 11ක් පත්කර තිබෙන අතර විවිධ ක්ෂේත්‍ර වලට අදාළ නීති සංශෝධනය කිරීම සිදුවෙමින් පවතින බව ධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

 

මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම සඳහා ද වෙනම කමිටුවක් පත් කර ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ.

 

අලි සබ්රි මහතා මේ බව කියා සිටියේ ඊයේ දිනයේ කොළඹ නීතිඥ සංගමයේ පැවති උත්සවයක් අමතමින්.

 

“සිවිල් රිෆෝම්ස්වලට තරුණ කට්ටිය එකතුවෙලා සම්පුර්ණයෙන්ම කටයුතු කරනවා. මේවන විට අපි කමිටු 11ක් දාලා නීතිය පිළිබඳ සංශෝධන කරගෙන යනවා. මේක ආප්ප බානවා වගේ එක දවසින් කරන්නට බැහැ මට ඕන දේවල්. මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම සඳහාත් මම වෙනම කමිටුවක් දාලා තියෙනවා. ඒක මට අමතකවෙලා නැහැ.“

views

745 Views

Comments

arrow-up