රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි - යාපනය වෙනුවට වෙනත් තැනක්?

මේ වසරේ මැයි මස 23 වනදා සිට 28 වනදා දක්වා යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
මේ වන විට රට පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි බුද්ධ ශාසන අමාත්‍යංශය සඳහන් කරන්නේ.
බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනත් ස්ථානයක, වෙනත් දිනයක පැවැත්වීමට සැලසුම් කරන බවයි.
කෙසේ නමුත් සීමිත පිරිසක් සහභාගී කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය කොළඹදී පැවැත්වීමට මේ වන විට අවධානය යොමුවී ඇති බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
1010 Views
Comments