Tik Tok වලින් LTTE ප්‍රවර්ධනය කරන්න ගිය අයෙක් අත්අඩංගුවට

Tik Tok නැමැති මාධ්‍ය හරහා LTTE සංවිධානය ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
25 හැවිරිදි සැකකරු වත්තල ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සැකකරුගේ මුල් පදිංචිය මුලතිව් බවත් පසුව හැටන් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් අනාවරණය වී තිබේ.
විවිධ ආකාරයේ ත්‍රස්ත ක්‍රියා වර්ධනය කරන ප්‍රවෘත්ති ඔහු විසින් නිර්මාණය කර ඇති බවට ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී තොරතුරු හෙළිවී ඇත.
947 Views
Comments