මහාචාර්ය චන්න ජයසුමන වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි දිවුරුම් දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

මහාචාර්ය චන්න ජයසුමන වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි දිවුරුම් දෙයි

මහාචාර්ය චන්න ජයසුමන වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි දිවුරුම් දෙයි

විෂය භාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන පත් කරනු ලැබ සිටිනවා.

 

වැඩබලන ඇමතිවරයා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා

 

 

චන්න ජයසුමන ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යධුරයේ කටයුතු කරනවා මේ අතර රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර තිබෙනවා.

 

ඔහු මින් පෙර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවනු ලැබුවා.

 

රොෂාන් රණසිංහ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා.

 

views

680 Views

Comments

arrow-up