වත්තල චූටියා අත්අඩංගුවට

සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හෙල්මට් පැළැඳ නිවෙස් වලට පැන උල් පිහි පෙන්වා බියගන්වා කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති වත්තල චූටි නැමැති අන්වර්ත නාමයෙන් හදුන්වන සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ කළුතර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (26)පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල , මාහේන ප්‍රදෙශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.
පානදුර, වලාන ප්‍රදේශයේ නිවසකට පැන උල් පිහියක් පෙන්වා කාන්තාවක බියගන්වා රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමකින් යුත් රන් මාලයක් කොල්ලකා පලායාම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
181 Views
Comments