"එන්නත්කරණයෙන් පසු සංචාරක නීති ලිහිල් කරන්න පුළුවන්" - ප්‍රසන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
27

"එන්නත්කරණයෙන් පසු සංචාරක නීති ලිහිල් කරන්න පුළුවන්" - ප්‍රසන්න

"එන්නත්කරණයෙන් පසු සංචාරක නීති ලිහිල් කරන්න පුළුවන්" - ප්‍රසන්න

කොරෝනා මර්දනය එන්නත්කරණය ආරම්භ කිරීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා ඒ සම්බන්ධ ඇතැම් නීති ලිහිල් කිරීමට හැකි වනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

 

මහනුවර පැවැති විද්වත් කමිටු රැස්වීමට සහභාගී වීමෙන් පසු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

"මේ එන්නත ලබා දුන්නොත් අපිට මේ නීතිරීති ලිහිල් කරන්න පුළුවන්.

සංචාරකයින්ගෙන් මේ රටට වල සේවාව විශේෂයෙන්ම මිලියන තුනක් වගේ ජනතාවත්, මේ රටේ ආර්ථිකයට කරන බලපෑමත් හරි වැදගත්.

ඒවා සලකලා එහෙනම් මේ සංචාරක ව්‍යාපාරය විවෘත කරන්න පුරුදු කරලා කටයුතු කරද්දී මේ නීතිරීති ලිහිල් කර ගන්නත් අපිට පුළුවන්කම ලැබේවි මේ එන්නත නිසා.

අපේ සංඛ්‍යාලේඛන අනුව මං හිතන්නේ සියට පනහක් හැටක් අතර ප්‍රමාණයකට තමයි මේ එන්නත ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ.

මොකද ඒ එන්නත් වයස අවුරුදු 18ට අඩු අයට විදීම සුදුසු නෑ කියලා එක් කණ්ඩායමක් කියනවා.

සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ.

දැනට අපි හඳුනාගෙන තිබෙනවා ලංකාවේ ජනගහනයෙන් සියයට පනහක් හැටක් අතර ප්‍රමාණයකට ලබා දෙන්න පුළුවන් කියලා.

සියලුම විස්සක් පමණ ප්‍රමාණයක් අපිට තියෙනවා ඉතිරි ටික රජය වියදම් කරල ගෙන්වන ලබාදෙන්න කටයුතු කරනවා."

 

 

 

 

 

 

 

views

710 Views

Comments

arrow-up