උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක්

උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක්

උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීමට ගන්නා ලද තීරණය ඉතා නිවැරදි තීරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂක ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.

 

ඉදිරියට මෙරට සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් බව ද ඔහු පැවසීය.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගතවූ කාලය තුළ කිසිදු පුද්ගලයෙකුට කිසිදු ආකාරයේ අසාධාරණයක් නොවන ආකාරයෙන් රට පාලනය කර ඇති බවද ඔහු කියා සිටියේය.

 

මේ යන්නෙන් නිවැරදි දිශාවට බවත් මනුස්සකමට සලකන දිසාවට බවත් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

views

771 Views

Comments

arrow-up