පෙම්වතුන් ගිය යතුරුපැදිය ලොරියක ගැටී පෙම්වතිය මරු තුරුළට

යතුරුපැදියක ගමන්ගත් පෙම් යුවළක් කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගයේ බොරලැස්ගමුව පිරිවෙන මාවත ආසන්නයේදී පෙරේදා(09) උදේ රිය අනතුරකට ලක්වීමෙන් යතුරුපැදියේ පිටුපස ගමන් කල පෙම්වතිය ජීවිතක්‍ෂයට පත්වී, පෙම්වතා තුවාල ලබා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත්කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියැදුරෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ පිලියන්දල, අලූත්පාර, ගැඩබුවාන පදිංචිව සිටි සෙනුමි පෙරේරා නමැති 20 හැවිරිදි තරුණියකි.
මෙම පෙම්වතුන් යුවළ ගොඩනැඟිලි ද්‍රව්‍ය උපකරණ කිහිපයක් රැගෙන පිලියන්දල දෙස සිට බොරලැස්ගමුව දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
අනතුර සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
2064 Views
Comments