ඉන්දියාව විසාලවක් වෙද්දී එරට වැසියන් මුහුදෙන් මෙරටට පලා එනවාද! - PHOTOS

ඉන්දියාවෙන් ලංකාවට ඇතුළු වීමට උත්සහ දැරු ඉන්දීය ධීවර යාත්‍රා 11 සිටි ඉන්දියානුවන් 86 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ දැනට පවතින කොරෝනා අති අවධානම හේතුවෙන් ඉන්දියානුවන් මෙරටට අනවසර මුහුදු මාර්ග ඔස්සේ පලා ඒමට කටයුතු කිරීමට ඉඩ ඇති හෙයින් නාවික හමුදාව මෙරට මුහුදු කලාපයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු යොද තිබුණා.
මෙම ආරක්ෂණ වැඩපිළිවෙළ යටතේ නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ මුර සංචාර දියත් කිරීම මත මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක ඉන්දීය ධීවර යාත්‍රා 11ක් සහ මෙම පිරිසක සොයා ගැනීමට හැකිව ලැබුණා.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණා.
ඒ අනුව, මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මුර සංචාරයේදී මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ මොවුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වෙලා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර ඉන්දීය ධීවර යාත්‍රා 11 සහ පුද්ගලයින් 86 දෙනා ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට කටයුතු යොදා තිබෙන්නේ.
641 Views
Comments