රට සිට එන ගුවන් මගීන්ට තත්පර 20 ක් ඇතුළත පිටව යන්න ක්‍රමයක් සකසයි

ගුවන් මගීන්ට කඩදාසි හෝ වෙනත් උපකරණයක් භාවිතා කිරීමෙන් තොරව තත්පර 20ක් ඇතුළතදී ලියාපදිංචි වීමට හැකි මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දුන් බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසයි.
කටුනායක ගුවන්තොටුපලේ සිට මගීන් හැසිරවීමේ ක්‍රියාවලිය පහසු හා කාර්යක්ෂම කිරීමට හඳුන්වා දී ඇති මාර්ගගත සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හරහා එලෙස ලියාපදිංචි වීමේ අවස්ථාව ගුවන් මගීන්ට හිමිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ගුවන් මගීන් හැසිරවීමේ ක්‍රමවේදයේ වර්තමාන වෙනස්කම්වලට අවධානය යොමු කරමින්, වඩාත් කාර්යක්ෂම සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සහිත නව මාර්ගගත සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කළ බවත් එහිදි කිසිදු කඩදාසියක් ප්‍රයෝජනයට නොගන්නා බවත් රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා කියා සිටියේය.
684 Views
Comments