බිම්ස්ටෙක් සමුළුවට මියන්මාරයට ආරාධනා කිරීම ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් !
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
11

බිම්ස්ටෙක් සමුළුවට මියන්මාරයට ආරාධනා කිරීම ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් !

බිම්ස්ටෙක් සමුළුවට මියන්මාරයට ආරාධනා කිරීම ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් !

බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මියන්මාරයට කළ ආරාධනාවට විරෝධී පළකරමින් මියන්මාර වැසියන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබා තිබෙනවා.

 

ශ්‍රී ලංකාව සභාපතීත්වය දරණ බිම්ස්ටෙක් සමුළුවේ අප්‍රියෙල් පළමු වැනි දා කොළඹ දී ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන විදේශ අමාත්‍යවරුන් ගේ රැස්වීමට සහභාගී වන ලෙස විදේශ අමාත්‍යවරුන් දාහත් දෙනෙකුට ආරාධනා කර තිබෙනවා.

 

මියන්මාර වැසියන් ගෙන් හා මියන්මාර හමුදා පාලනයට එරෙහිව හඬ නගන ලෝකවාසී ජනතාව ගෙන් එල්ලවන විරෝධය හමුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

 

"බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සභාපතිත්වය දරන රට සහ මෙම අමාත්‍ය රැස්වීමේ සත්කාරක රට ලෙස, මෙම වසර අග භාගයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අපේක්ෂිත 5 වැනි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණින් යුතුව, සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සියලුම සාමාජික රටවලට (බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය) ආරාධනා කර ඇත," යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.

 

 

views

690 Views

Comments

arrow-up