JAN
17
ප්‍රතිකාර වලින් පසු දුමින්ද සිල්වාව නැවතත් වැලිකඩ හිර කූඩුවට යවයි

මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත රැගෙන ගොස් තිබේ.
පසුගිය ජනවාරි 10 වෙනිදා දුමින්ද සිල්වා, වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියකට මාරුකර තිබූ අතර, එහිදී හදිසියේ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත පසුගියදා (11) පෙරවරු 2ට පමණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සදහා යොමු කර තිබුණි.
ප්‍රතිකාරවලින් පසුව ඔහු යළිත් බන්ධනාගාර රෝහල වෙත යොමු කෙරුණි.
120 Views
Comments