ප්‍රදේශ කිහිපයකට අදත් වැස්ස
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
13

ප්‍රදේශ කිහිපයකට අදත් වැස්ස

ප්‍රදේශ කිහිපයකට අදත් වැස්ස

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. 

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

 

උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්මාතර, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

 

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

views

144 Views

Comments

arrow-up