OCT
20
අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පෑලියගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 480ක් මෙලෙස හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.
200 Views
Comments