ගුරුවරියකට කොවිඩ් - පාසලක් වසා දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

ගුරුවරියකට කොවිඩ් - පාසලක් වසා දමයි

ගුරුවරියකට කොවිඩ් - පාසලක් වසා දමයි

හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර පාසලක් විෂබිජහරණය කරන තෙක් (16) දින සිට තාවකාලිකව වසා දැමු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

 

ඒ එම පාසලේ ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා.

 

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය සහ ඇයගේ පෙම්වතා හදිසියේ ඇති වු රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනිම සදහා (15) දින දික්ඔය මුලික රෝහල වෙත ගිය අවස්තාවේ දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් විසින් රොගින් දෙදෙනාම ඇන්ටිජන් පරික්ෂණයට භාජනය කර ඇති අතර, එහිදි ගුරුවරියට සහ ඇයගේ පෙම්වතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත්,කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය වලපනේ සහ පෙම්වතා බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කල බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

 

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය ඉතා ආසන්න දිනයකදි පාසලේ ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බවත්,අසාදිත ගුරුවරිය 6 වසරේ සිට 11 වසර දක්වා පන්ති සදහා ඉගැන්විම් කටයුතු සිදු කරන බව තහවුරුවි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.

 

එම ජාත්‍යන්තර පාසලේ ළමුන් දහසක් පමණ අධ්‍යාපනය ලබන අතර අචාර්ය මණ්ඩලය 40 දෙනෙකුගෙන් සමන්විත වෙයි.

views

1419 Views

Comments

arrow-up