ඊයේ දින හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 887 දෙනෙකු හඳුනා ගනු ලැබූවා.
අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 70,235 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා .
ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 214 බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා .
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 208 දෙනෙකුත් ,බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 181ක් ලෙසින් හදුනා ගෙන තිබෙනවා
මිට අමතරව,
ගාල්ල 50
කළුතර 47
මහනුවර 20
කුරුණෑගල 40
අම්පාර 33
රත්නපුර 05
කෑගල්ල 12
මාතර 21
පුත්තලම 17
මාතලේ 09
නුවරඑළිය 04
අනුරාධපුර 10
පොළොන්නරුව 01
හම්බන්තොට 04
ත්‍රිකුණාමලය 01
මොණරාගල 01
මිට අමතරව විදේශ ගතව සිට මෙරටට පැමිණි 09 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා
1054 Views
Comments