වාහන ආනයනය ගැන ජනපති කට අරී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

වාහන ආනයනය ගැන ජනපති කට අරී

වාහන ආනයනය ගැන ජනපති කට අරී

ඉදිරියේදී වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමේදී විදුලියෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. 

 

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ වූ අද(18) සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, එම වාහන සඳහා විදුලිය ලබා ගැනීමේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සැලසුම් කළ යුතු බවයි.


වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
 
”‍අපේ රටේ වාර්ෂික ආනයන වියදමෙන් සියයට 20ක් පමණ වෙන්වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මසකට ඩොලර් මිලියන 1,000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට වැඩි ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදුවෙනවා. මෙලෙස ආනයනය කරන තෙල්වලින් සියයට 70ක් පමණ වැය වන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්. 

විදුලි උත්පාදනය සඳහා සියයට 21ක් පමණ වැයවෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනෙන්නේ සියයට 4ක් පමණයි. ඉදිරියේදී වාහන ආනයන සඳහා අවසර ලබා දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන වලට ප්‍රමුඛතාවක් ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා. 

ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේදී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට අපි සැලසුම් කළ යුතුයි.”‍

views

662 Views

Comments

arrow-up