ළමයි රකින්න අලුත් වැඩක්

ජාතික ළමාරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙරට මෙහෙකාර සේවයේ නිරත වන්නේ වැඩි වශයෙන් වතු ආශ්‍රිත දරුවන් බවයි.
එතුමා තවදුරටත් පවසා සිටියේ වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතු බැවින් එවැනි නිවසක දරුවෙකු නොමැති බවට තොරතුරක් ලැබුනොත් වහාම ක්‍රියාත්මක වී ඒ අනුව ළමා මෙහෙකාර සේවය වැළැක්වීමට පියවර ගත යුතු බවයි.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී බතියුදීන් මහතාගේ නිවසේදී මියගිය දැරියගේ පවුලට නිවසක් හා සහෝදරියන් දෙදෙනෙකුට ස්වයං රැකියා අවස්ථා ලබා දීමටත් පියවර ගෙන ඇති බවයි.
816 Views
Comments