කරවල වාඩිවල මෙහෙකාර දරුවන් සොයා පොලිස් මෙහෙයුම්

මුහුදු කලාපය ආශ්‍රිත ප්‍රදේශයන්හි කරවල වාඩිවල මෙහෙකාර සේවයේ යොදවා ඇති දරුවන් සොයා ගැනීමට පොලිසිය විමර්ශන අරඹා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේය.
බත්තලන්ගුණ්ඩුව, ත්‍රිකුණාමලය සහ කල්පිටිය යන ප්‍රදේශවල බාලවයස්කාර දරුවන් මෙලෙස ධීවර කටයුතුවලට යොදවා සිටින බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
වාරකන් හේතුවෙන් මෙම දරුවන් ධීවර ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වල රැඳී සිටීමට බොහෝ දුරට ඉඩ ඇති හෙයින් ඒ සම්බන්ධයෙන්ද විපරමින් සිටින ලෙසට පොලීසියට දැනුම් දී ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
834 Views
Comments