ප්‍රථමාධාර පිළිබඳව ඔබ දැනුවත්ද?

කාර්යබහුල දිවි පෙවෙතක් ගතකරන පුද්ගලයන් වන අප හට එදිනෙදා ජීවිතයේදී විවිධ අවස්ථාවන්හිදී නොදැනුවත්වම හෝ අනපේක්ෂිත වශයෙන් විවිධ වූ රෝගාබාධ වලට සහ අනතුරුවලට මුහුණපෑමට සිදුවේ. එවැනි හදිසි අවස්ථාවන්හිදී අප උචිත ප්‍රථමාධාරයක් පිළිබඳව දැනුවත්ව සිටිනවා නම් අවස්ථානුකූලව වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන තෙක් දිවි බේරා ගැනීමට අවස්ථාව ලැබේ. එබැවින් එදිනෙදා දිවියට අවශ්‍ය කරන ප්‍රථමාධාර කිහිපයක් පිළිබඳව මෙම ලිපිය හරහා අප ඔබව දැනුවත් කරමු.
කිසියම් පුද්ගලයකුගේ හදිසි අනතුරක් හේතුවෙන් ඔහුගේ හෝ ඇයගේ සිරුරෙහි අස්ථියක් බිඳීමකට ලක් වුවහොත් මූලිකවම කළ යුත්තේ එම බිඳුණු අස්ථිය නොසොල්වා තබා ගැනීමයි. රෝගියාට තම අතින් අල්ලා ගත හැකි ස්ථානයක අස්ථි බිඳීම සිදුවී ඇත්නම් ඔහුට හෝ ඇයට ම එය පහසු ආකාරයට අල්ලා තබා ගැනීමට උපදෙස් දිය යුතුයි. වෛද්‍යවරයකු වෙත රැගෙන යනතෙක් බිඳුණු අස්ථිය වටා ලී පතුරු තබා නොසෙල්වෙන ආකාරයකින් පහසුවෙන් බැඳ තබා ගැනීමෙන් එම අස්ථිය වඩාත් සුරක්ෂිතව තබා ගත හැකි වේ.
තවද කිසියම් පුද්ගලයෙකු දියේ ගිලී ගොඩට ගත් අයකු නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඔහුට හෝ ඇයට අපහසුතා ගෙන දී ඇති ශ්වසනය පහසු කිරීමට සැලැස්වීමයි. අවට සිටින කිසියම් පුද්ගලයකු විසින් කෘතිම ශ්වසනය රෝගියාට ලබා දීම මෙහිදී අනිවාර්යයෙන්ම කළ යුතු වේ.
එමෙන්ම කිසියම් පුද්ගලයකුට සර්පයෙක් ප්‍රශ්න කිරීමක් සිදුවී ඇත්නම් මූලිකවම කළ යුත්තේ එම ස්ථානය නොසොල්වා තබා ගැනීම වේ. දෂ්ට කර ඇති ස්ථානය හිරවන ආකාරයට ඇඳුම් පැළඳුම් ඇඳ ඇත්නම් ඒවා ලිහිල් කර එම ස්ථානය පිරිසිදු ජලයෙන් සබන් දමා සෝදා හැරීමත් කළ යුතු වේ. වෛද්‍යවරයා වෙත ගෙන යෑමට ප්‍රථම රෝගියාට වේදනාව දරාගත නොහැකි තත්ත්වයක් පවතී නම් පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් අවශ්‍ය මාත්‍රාවට අනුව ලබා දීමෙහි කිසිදු වරදක් නොමැත.
කිසියම් පුද්ගලයකුගේ හිසෙහි හෝ නළලෙහි සිදුවූ අනතුරක් හේතුවෙන් නාසයෙන් ලේ ගැලීමක් සිදුවන විට අවශ්‍යයෙන්ම මාසයේ සිරවී ඇති ලේ කැටි ප්‍රථමයෙන්ම ඉවත් කළ යුතු වේ. තවද හිස මත හෝ නළල මත හෝ නාසයෙහි තෙත රෙදි කැබැල්ලක් රඳවා තබා ගැනීමෙන් රුධිරය පිටවීම කිසියම් ප්‍රමාණයකට අවම කරගත හැකිවේ. කිසියම් පුද්ගලයකුට හදිසියේම ක්ලාන්ත තත්ත්වයක් ඇති වී බිම ඇදවැටුණි නම් රෝගියාගේ හිස තරමක් බිමට පහත් වන සේ බිම දිගාකර නිදිකරවා ඔහුගේ හෝ ඇයගේ හිසට රුධිරය ගැලීම පහසු කළ යුතු වේ. ඔහු හෝ ඇය ඇඟලාගෙන සිටින හිර ඇඳුම් ලිහිල් කිරීම, තෙත රෙද්දකින් මුහුණ බෙල්ල ආදිය පිස දැමීම වැනි ත්ත්වයන් සිදුකිරීමෙන් රෝගියා ඉක්මනින්ම ප්‍රකෘති තත්ත්වයට පත්කර ගත හැකිවේ.
තවද කිසියම් පුද්ගලයකුගේ තුවාලයක් පෑරීම තුළින් එයින් අධික ලෙස රුධිරය වහනයක් සිදු වෙන අවස්ථාවකදී මූලිකවම කළ යුත්තේ ප්‍රථමාධාරයක් වශයෙන් රුධිරය වහනය වීම අවම කිරීමට කටයුතු කිරීමයි. තවද තුවාලය හරහා යම් යම් විෂබීජ ශරීරයට ඇතුල්වීම වැළැක්වීමට ද වගබලා ගත යුතුයි. තෙත රෙදි කඩකින් හොඳින් තුවාලය පිස දමා වියලි පිරිසිදු රෙදි කඩකින් තුවාලය ආවරණය කර වෛද්‍යවරයකු වෙත වහාම රැගෙන යාම නුවණට හුරු වේ. යම්කිසි පුද්ගලයකුට සුනඛයකු සපා කෑ විට මූලිකවම කළ යුත්තේ සුනකයාගේ දත් පහර වැදී ඇති ස්ථානය හොඳින් සබන් දමා පිරිසිදු කිරීමයි. එහිදී ජලය ගලා යන ආකාරයෙන් වැඩි පීඩනයෙන් තුවාලයට ජලය ඇල්ලීම වඩාත් සුදුසු වේ.
තවද කිසියම් පුද්ගලයකු වස පානය කිරීමක් සිදුකර ඇති නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඔහුගේ හෝ ඇයගේ සිරුර නිසොල්මනේ තබාගනිමින් සිරුර පුරා වස ගමනාගමනය අවම කිරීමට කටයුතු කිරීම වේ. රෝගියා විසින් පානය කර ඇත්තේ කුමන වර්ගයේ දියරයක් ද යන්න හරිහැටි අවබෝධයක් නොමැති නම් ඔහුට හෝ ඇයට බලෙන් වමනය කිරීමට උනන්දු නො කළ යුතු අතර එයින් ඔහුගේ හෝ ඇයගේ ශරීර කොටස්වලට අභ්‍යන්තරයෙන් හානි සිදු වීමට හෝ පිළිස්සීමට ඇති ඉඩකඩ වැඩි වේ. මෙහිදී වෛද්‍යවරයා හමුවට යාමේදී වස අඩංගු භාජනය ද රැගෙන යාම වෛද්‍යවරයාට වඩාත් පහසුවක් ගෙන දෙන්නක් වේ.
මෙවැනි සුළු සුළු ප්‍රථමාධාර පිළිබඳව කිසියම් හෝ ප්‍රමාණයක අවබෝධයකින් යුක්ත වීම එදිනෙදා ජීවිතයේදී අපට වඩාත් ප්‍රයෝජනවත් වන අතර අපගේ ක්‍රියාවකින් තවකෙකුගේ ජීවිතයක් බේරා ගැනීමේ මහා පුණ්‍යකර්මයට දායකවීමට සෑම අයෙකුටම යුතුකමක් හා වගකීමක් පවතී.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
986 Views
Comments