දිනේෂ් ෂාෆ්ටර් දිවිනසාගත් කතාව මාධ්‍ය නිර්මාණයක් - වයර් කෑලි හා නැන්දම්මාට ලියූ ලියුමත් බොරුවක්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයට අදාළව පොලිසියවත් නොදන්නා නිර්මාණාත්මක කරුණු මාධ්‍ය තුළින් ප්‍රචාරයවී ඇති බව ඊයේ පොලිසිය මාධ්‍ය හමුවක් පවත්වා දන්වා සිටියේය.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින්ද පළ කළ ප්‍රවෘත්තියකින් පැවසුනේ ෂාස්ටර් නැන්දම්මාට ලියූ ලියුමක් ගැනයි.
එම කතාව ප්‍රබන්ධයක් බව පොලිසිය පවසයි. එසේම ෂාස්ටර් දිවිනසාගන්නට ඇතැයි ඒත්තු යන පරිදි වාහනයේ වයර් කෑලි ඉතිරි කොටස් නිවසේ තිබී හමුවූ කතාවද ප්‍රබන්ධයක් බව පොලිසිය පවසයි.
වාහනයේ වයර් කෑලි ඉතිරි කොටස් නිවසේ තිබී හමුවූ කතාවද ප්‍රබන්ධයක් බව පොලිසිය පවසයි.
වගකීම් රහිතව පළකරනලද මෙවැනි ප්‍රවෘත්ති පැමිණියේ කෙසේද යන්න පොලිසියට ප්‍රහේලිකාවක් වී ඇති අතර මේ නිසා මෙම පරීක්ෂණය වෙනතක යැවීමට කිසියම් පිරිසක් තැත්කරනවාද යන සැකයද මතුව තිබේ.
දිනේෂ් ශාෆ්ටර් මහතා සිය දිවි හානිකරගත් බවට මේ දක්වා කිසිදු සාක්‍ෂියක් ලැබී නොමැති බව පොලිසිය තහවුරු කරමින් දන්වා සිටියි.
දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 90 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
අබිරහස් ඝාතනය පිළිබඳව විමර්ශන සිදුකරන රහස් පොලිස් නිලධාරීහු පොලිස්පති ඩබ්ලිව්. වික්‍රමරත්න මහතා සමඟ විශේෂ හමුවක් පැවැත්වූ අතර විමර්ශන කටයුතු නව මුහුණවරක් ඔස්සේ දැන් ක්‍රියාත්මක කර ඇති බව දන්වා සිටියහ.
209 Views
Comments