ඇමති ඥාති සොහොයුරාට විශේෂ ආනයන අවසරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

ඇමති ඥාති සොහොයුරාට විශේෂ ආනයන අවසරයක්

ඇමති ඥාති සොහොයුරාට විශේෂ ආනයන අවසරයක්

මෙරට ඇති වී තිබෙන බිත්තර හිගය සැලකිල්ලට ගනිමින් බිත්තර ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

 

ඒ අනුව බිත්තර ගෙන්වීමේ කටයුතු අමාත්‍යවරයකුගේ ඥාති සහෝදරයකු ට ලබා දීමට කටයුතු සැලසුම් කර ඇතැයි ද සංගමය සභාපති නිරුක්‍ෂ කුමාර මහතා සඳහන් කර සිටිනවා.

 

මව් සතුන්ගේ මිල ඉහළ යාම හා කිකිළියන්ට ලබාදෙන ආහාර හා ඖෂධ මිල ඉහළ යෑම නිසා මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ විස්තර නිෂ්පාදන ගොවිපොලවල් දහ අට දහසක් පමණ වැසී ගොස් ඇතැයි ද හෙතෙම පැවසුවා.



මේ වන විට ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම ඇමතිවරයකුගේ ඥාති සහෝදරයෙකු ට අවස්ථාව ලබා දීමට සැලසුම් කර ඇතැයි ද පැවසූ ඔහු බිත්තර සඳහා පාලන මිලක් නොමැති වීම නිසා රටින් ගෙන්වන බිත්තර වැඩි මිලට අලෙවි කිරීමටත් අවස්ථාව ඇතැයිද කියා සිටියා.



රටින් ආනයනය කරන එක බිත්තරයක් සඳහා කවුරුන් හෝ බිත්තරයකින් රුපියල බැගින් කොමිස් මුදලක් ගැනීමට කටයුතු කළහොත් දිනක කොමිස් ආදායම රුපියල් ලක්ෂ 50ක් බව ද බිත්තර එකවර කෝටි දෙක තුනක් ගෙන්වීමට සිදුවන නිසා එම කොමිස් මුදල ද අති විශාල එකක් බවත් හෙතෙම තවදුරටත් පැවසුවා.

views

174 Views

Comments

arrow-up