විශේෂ මෙහෙයුමකින් අයිස් සහ හෙරොයින් පිරවූ යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

විශේෂ මෙහෙයුමකින් අයිස් සහ හෙරොයින් පිරවූ යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

විශේෂ මෙහෙයුමකින් අයිස් සහ හෙරොයින් පිරවූ යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

 

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය එක්ව දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

 

නාවික හමුදාව නිවේදනය කළේ බහුදින ධීවර යාත්‍රා 2ක සහ මත්ද්‍රව්‍ය තොගය සමග ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් ද අත්අඩංගුවට ගත් බවය.

 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම ධීවර යාත්‍රා 2ක සොයාගෙන තිබුණේ දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබියදීය.

views

184 Views

Comments

arrow-up