රේස් ගිය බසය පෙරළී අයෙක් මරුට - හතරකට බරපතළයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

රේස් ගිය බසය පෙරළී අයෙක් මරුට - හතරකට බරපතළයි

රේස් ගිය බසය පෙරළී අයෙක් මරුට - හතරකට බරපතළයි

කිළිනොච්චිය පලෙයි ප්‍රදේශයේදී 21 දා රාත්‍රී ලංගම බස් රථයක් අනතුරකට පත් වීමෙන් එක් අයෙකු මරුමුවට පත් වී තවත් පුද්ගලයන් 18 දෙනකු තුවාල ලබා තිබේ.

 

තුවාලකරුවන් පලෙයි මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කිළිනොච්චිය රෝහල හා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ. තුවාලකරුවන්ගෙන් හතරදෙනකු බරපතළ තත්ත්වයේ පසුවන අතර සෙසු පුද්ගලයන් සුළු තුවාල ලබා ඇත.

 

යාපනයේ සිට ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක් රියැදුරුගේ පාලනයෙන් මිදී ගොස් මහ පාර මැද ලිස්සා ගොස් පෙරළී යෑම නිසා මෙම අනතුර සිදුව තිබේ.

 

වර්ෂාව පැවති අවස්ථාවක අධික වේගයෙන් මෙම බස් රථය තවත් බස් රථයක් සමග තරගයට ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත. අනතුරෙන් පසුව පොලිසිය රියැදුරාව අත්අඩංගුවට ගෙන තිබේ. පලෙයි හා කිළිනොච්චි පොලිසි මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

views

173 Views

Comments

arrow-up