පාඩු ලබමින් සිටි වතු සංවර්ධන මණ්ඩලය ලාභ ලබයි

දිගින් දිගටම පාඩු ලබමින් සිටි ජනතා වතු සංවර්ධන මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත්ව රුපියල් මිලියන 4.5 ක ප්‍රසාද දීමනා වශයෙන්ද ගෙවා තිබේ.
ප්‍රසාද දීමනා වශයෙන් සේවකයින් 429 දෙනකුට රුපියල් 5000 බැගින්ද වසරකට වඩා අඩු සේවකයන් 46 දෙනකු සඳහා රුපියල් 2000 බැගින්ද ලබාදී ඇත.
මිට අමතරව ආයතනයේ සේවක සේවිකාවන්ගේ දරුවන් 129 දෙනෙකුට රුපියල් 1500 බැගින් තෑගි වවුචර් පත් ප්‍රදානයක්ද සිදුකර තිබේ.
ජනවසම ප්‍රධාන කාර්යාලයේ සහ ඊට අයත් වතු කාර්යාලවල සේවය කරන වසර 25කට වඩා සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක සේවිකාවන් 76 දෙනෙකුට රුපියල් 25000 බැගින් මූල්‍ය ප්‍රදානයක් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
723 Views
Comments