නොදන්වා විදුලිය කැපීම්

හැටන් ප්‍රදේශය තුල නිරන්තරයේ සිදුවන විදුලිය ඇනහිටිම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ විදුලි පාරාභෝගිකයන් පවසනුයේ දැනට සතියකට අධික කාලයක සිටම කිසිදු දැනුම් දිමකින් තොරව හිටි හැටියේ විදුලිය විසන්ධි විම් සිදු වන බවත්ය.
මෙම විදුලිය විසන්ධිවිම් සමහර දිනවල උදේ 9.00 සිට පස්වරු 6.00 පමන වන තෙක් පවතින බවත් තවත් සමහර දිනවල දහවල් පැය හතරක් පහක් පමන කාලයක් පවතින බවත්ය.
කිසිදු පෙර දැනුම් දිමකින් තොරව මෙසේ සිදු කරනු ලබන විදුලි කප්පාදු හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවෙයන්ට පත්වන බවද ඔවුන් තව දුරටත් පවසති.
780 Views
Comments