අවුරුදු 12 සිට 14 හැවිරිදි දැරිය මුදලට විකිණූ ඥාති සොහොයුරියට වැඩවරදී - දැරිය විකුණූ මුදලින් සුපිරි ජීවිතයක් ගෙවලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

අවුරුදු 12 සිට 14 හැවිරිදි දැරිය මුදලට විකිණූ ඥාති සොහොයුරියට වැඩවරදී - දැරිය විකුණූ මුදලින් සුපිරි ජීවිතයක් ගෙවලා

අවුරුදු 12 සිට 14 හැවිරිදි දැරිය මුදලට විකිණූ ඥාති සොහොයුරියට වැඩවරදී - දැරිය විකුණූ මුදලින් සුපිරි ජීවිතයක් ගෙවලා

14 හැවිරිදි දැරියක් දීර්ඝ කාලයක සිට මුදලට ගණිකා සේවයේ යෙදවූ ඥාති සොයුරියක් සහ දැරිය මිලටගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.

 

මේවන විට 14 හැවිරිදි වියේ පසුවන දැරිය රෝහල් ගතකර ඇතැයි පොලීසිය කියයි.

 

බාලවයස්කාර දැරියගේ දෙමාපියන් මුලාකර ඥාති කාන්තාවක් විසින් දැරියව ගෙන ගොස් විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට ලැබුණු රහසිගත තොරතුරක්මත සිදුකළ විමර්ශනයකින් පසු සැකකාරිය ඇතුළු පිරිස අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරයි.

 

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි සැකකාරිය මරදාන ප්‍රදේශයේ දැරියගේ නිවසට පැමිණ ඇයගේ තනියට දැරිය රැගෙන යන බව පවසා මෙම ජාවාරම සිදුකර ඇතැයි පොලීස් විමර්ශනවලදී අනාවරණයවී ඇත. 

 

 ඒ අයුරින් දැරියව දින දෙක තුනක් ඇයගේ නිවසේ තබා ගන්නා බව දැරියගේ දෙමව්පියන්ට පවසා  දැරියව රැගෙන ගොස් විවිධ ව්‍යාපාරිකයන්ට රුපියල් 50,000 බැගින් වූ මුදලට අලෙවි කර ඇතැයි පොලිසිය පවසයි. 

 

සැකකාරිිය මෙලෙස දැරියව දොළොස් හැවිරිදි වියේ සිට වසර දෙකක කාලයක් ගණිකා සේවයේ යොදවා තිබෙන අතර දැරිය විකිණීමෙන් ලැබෙන මුදලින් සැකකාරිය සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇතැයි පොලිසිය කියයි.

 

දැරිය ලබාදී ඇති ප්‍රකාශ අනුව තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 

අත්අඩංගුවටගත් සැකකාරිය 32 හැවිරිදි තැනැත්තියක් වන අතර මරදාන ප්‍රදේශයේ පදිංචි සැකකරු 38 හැවිරිදි අයකු වේ.

views

4334 Views

Comments

arrow-up