ගෑස් ප්‍රශ්නෙන් හෝටල්, ආපනශාලා, බේකරි 12,000ක් වැසෙයි

රට පුරා ප්‍රධාන නගරවල හෝටල්, ආපනශාලා සහ බේකරි 12,000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රධාන වශයෙන් ගෑස් හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව සම්පූර්ණයෙන්ම වසා දමා ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
රාජ්‍ය ආයතනවල, පාසල්වල හා විශ්ව විද්‍යාලවල ගෑස් හිඟය හේතුවෙන් වැසි ගොස් ඇති ආපන ශාලා සංඛ්‍යාව හාර දහසක් පමණ වන බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පවත්වාගෙන ගිය වඩේ කඩල සහ සමෝසා වෙළෙඳසැල් 5000ත් 6000ත් අතර සංඛ්‍යාවක්ද ගෑස් හිඟය, අමුද්‍රව්‍යව මිල ඉහළ යෑම ඇතුළු හේතු නිසා වැසී ගොස් ඇතැයි පවසන සභාපතිවරයා ගෑස් හිඟයට අමතරව පාන් පිටි, එළවළු, කිරිපිටි, කුළුබඩුවල මිල ඉහළ යෑම ද බොහෝ හෝටල් සහ ආපනශාලා පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උදාකර දී ඇතැයි පැවසුවේය.
රටපුරා බේකරි හත් දහසක් පමණ පවතින අතර ඉන් තුන්දහස් පන්සියයක් පමණ වැසී ගොස් ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
සහන නොලැබුණහොත් සෙසු බේකරිද ඉදිරියේදී වැසී යා හැකි බව එම සංගමය අනතුරු අඟවයි.
686 Views
Comments