සීලරතන හිමියන්ගේ ක්‍රිකට් නිලවරණ නාම යෝජනාව ප්‍රතික්ෂේපයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සඳහා ඉදිරිපත් කළ බත්තරමුල්ල සීලරතන හිමියන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුර සඳහා සීලරතන හිමියන් ඊයේ නාම යෝජනා භාරදී තිබුණා.
ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන තනතුරු සඳහා ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම අනිවාර්ය වනවා.
ඒ හේතුවෙන් සීලරතන හිමියන්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ බවයි සඳහන් වන්නේ.
නිලවරණය සඳහා භාර දී තිබෙන නාමයෝජනා වලට අදාළ විරෝධතා භාර ගැනීම මාර්තු 8 වැනිදා සිට 12 වැනි දා දක්වා සිදු කෙරෙනවා.
එම විරෝධතා සමාලෝචනය කර විරෝධතා පිළිබඳ කමිටුව විසින් ගනු ලබන අවසන් තීරණය මාර්තු 15 වනදා ප්‍රකාශයට පත් කෙරුණු ඇති.
ලබන අප්‍රියෙල් 20 වනදා ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් කළ අවසාන නාමලේඛනය නිවේදනය කිරීමට නියමිතයි.
988 Views
Comments