FEB
18
හිජාස් හිස්බුල්ලා සහ මද්‍රසා පාසලේ විදුහල්පති 03 වන දා තෙක් රිමාන්ඩ්

නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ අදාළ මද්රසා පාසලේ විදුහල්පතිවරයා වන මොහොමඩ් ශකීල් ලබන තුන් වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මොවුන් ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය ලබා දුන්නා.
පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් සහ පුත්තලම ප්‍රදේශයේ මද්රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදු කිරීම සම්බන්ධයෙන් වන චෝදනා යටතේ ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
685 Views
Comments