විමල්ගේ නිවසේ පක්ෂ 12ක නායකයින් සාකච්ඡාවක
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

විමල්ගේ නිවසේ පක්ෂ 12ක නායකයින් සාකච්ඡාවක

විමල්ගේ නිවසේ පක්ෂ 12ක නායකයින් සාකච්ඡාවක

දේශපාලන පක්ෂ 12 ක නායකයින්ගේ සහභාගීත්වයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිව‌සේ මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා.

 

ඔහුගේ නිවසට පැමිණෙන අතරවාරයේ මාධ්‍යට අදහස් දක්වමින් උදය ගම්මන්පිල පැවසුවේ, මීට පෙර අඛණ්ඩව පැවති පක්ෂ නායක රැස්වීම මෑතක සිට නොපැවැත්වීම හේතුවෙන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සිදුවන බවයි.

 

ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් තිබේදැයි, මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ, එවැනි බලාපොරොත්තුවක් නෙැමති බවයි.

 

තව ද විමල් වීරවංශ මහතාට එල්ල වන චෝදනා සමග මෙවැනි හමුවක් සිදුවන්නේ දැයි, මාධ්‍යවේදීන් විමා සිටි අතර අමාත්‍යවරයා ඊට මෙලෙස පිළිතුරු දුන්නේ ය.

 

"විමල් වීරංශ මේ ආණ්ඩුව බිහි කරන්න සුවිශේෂි කාර්යක් කළ කෙනෙක් .එයාව කවුරු හරි අවතක්සේරු කරනවා , කියන්නේ කෙලෙහි ගූණ නැති බව ප්‍රදර්ශනය කිරීමක්. බෞද්ධ රටක කෙලෙහි ගුණ නැති අයට කෙළෙහි ගුණයේ පාඩම කියා දෙන්න සංඝ රත්තනය පෙරට ඒම ගැන සිරස නමා ප්‍රණාමය පුද කරනවා."

 

මේ අතර අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පැවසුවේ, "ආණ්ඩුව බිඳීමට කුමන්ත්‍රණකරුවන් සිටින බැවින් ආණ්ඩුව රැකීම සඳහා මෙලෙස රැස් වන බවයි".

 

 

views

904 Views

Comments

arrow-up