ශ්‍රී ලංකාවේ පළමු ජීව වායු බලාගාරය ඔක්තෝම්බරයේදී විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ පළමු ජීව වායු බලාගාරය ඔක්තෝම්බර් මාසයේදී වැඩ අරඹමින් ජාතික විදුලිබල පද්ධතියට එකතු කෙරෙන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අද මාතර දිස්ත්‍රික්කයේ දී මාධ්‍යවේදීන් අමතමින් මාත්‍යවරයා මේ බව සදහන් කළා.
ජනාකීර්ණ කොළඹ නගරය සහ අවට ප්‍රදේශවල දෛනිකව එකතුවන කැළි කසළවලින් ජාතික මට්ටමේ ප්‍රයෝජනයක් ගැනීමට මෙම ජීව වායු විදුලි බලාගාරය මගින් හැකියාව උදා වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ජීව වායු බලාගාර ව්‍යාපෘතිය සඳහා යොමු කෙරෙන කසල ටොන් 40 කින් මෙගාවොට් 400 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා පවසා සිටියා.
741 Views
Comments