මහනුවර යළිත් සෙලවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ දිගන සහ තෙල්දෙණිය ආශ්‍රිතව යළිත් සුළු කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදූව ඇති මෙම කම්පන තත්ත්වය රික්ටර් මාපක ඒකක 1.79ක ප්‍රබලත්වයක් ලෙස භූ කම්පන මානවල සටහන් වී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ උදය සිල්වා මහතා සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර එය භූ කම්පන නිරික්ෂණ මධ්‍යස්ථාන 4දීම නිරීක්ෂණය වූ බවයි අදය සිල්වා මහතා සඳහන් කරන්නේ.
ඊයේ ඇති වූ භූ කම්පනයේ ප්‍රබලත්වය පසුගිය කම්පන වලට වඩා ඉතා සුළු මට්ටමක් බවත් ඒ මහතා සඳහන් කළා.
761 Views
Comments