අම්බලන්ගොඩ වෙඩි තැබීමේ නවතම තොරතුරු

අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 02 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (21) රාත්‍රී 8.30ට පමණ දෙල්දූව ප්‍රදේශයේ හෝටලයක ඉහළ මාලයේ රැඳී සිටි පුද්ගලයන් 05 දෙනකුට නාඳුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබේ.
එම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයේ ම මිය ගොස් තිබේ.
තුවාල ලැබූ දෙදෙනෙකු අම්බලන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයෙන් පසුවූ ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ලේනමුල්ල සහ කුලීගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මීට පෙර අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක ප්‍රතිඵලයක් ලෙස ඊයේ (21) දිනයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
247 Views
Comments