මනෝ සහ දිගම්බරම් ඇතුළු 05ක් ඇමතිකම් නොගෙනම ආණ්ඩුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
15

මනෝ සහ දිගම්බරම් ඇතුළු 05ක් ඇමතිකම් නොගෙනම ආණ්ඩුවට

මනෝ සහ දිගම්බරම් ඇතුළු 05ක් ඇමතිකම් නොගෙනම ආණ්ඩුවට

කිසිදු ඇමැති තනතුරක් භාර නොගෙන සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නව ජනාධිපතිවරයාට සහාය ලබාදීමට තම පක්‍ෂය තීරණය කළ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසයි.

 

සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ රැඳී සිටින සිය පක්‍ෂයේ නායක, මනෝ ගනේෂන් ඇතුළු මන්ත්‍රීවරුන් පස්දෙනාම ඒකමතිකව මෙම තීරණයට එළැඹි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවීමට සහාය ලබා දුන්නද වසරක කාලයකට පසු මහ මැතිවරණයකට යා යුතු බවට සිය පක්‍ෂය ජනාධිපතිවරයාට අවධාරණය කර ඇතැයිද හෙතෙම පැවසීය.

 

දැඩි දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන ශ්‍රී ලංකාවේ ජනතාව මත අමතර බරක් පැටවෙන හේතුවෙන් මේ මොහොතේ නව රජයක තනතුරු භාර නොගෙන සිටීමට තීරණය කළත් රජයට තමන් සමය ලබාදීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගාම්බරම් වැඩිදුරටත් සඳහන් කළේය.

views

242 Views

Comments

arrow-up