රූපවාහිනියට කඩා වැදුණු ධනීෂ් අලීට ඇප
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
15

රූපවාහිනියට කඩා වැදුණු ධනීෂ් අලීට ඇප

රූපවාහිනියට කඩා වැදුණු ධනීෂ් අලීට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධනිෂ් අලි ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද නියෝග කළේය. 

 

සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

 

ඇප මත නිදහස් වීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියෝග කර තිබේ. 

 

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

 

පොදු දේපල පනත යටතේ තවදුරටත් ධනීෂ් අලීට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැතිවීමෙන් ඔහු ඇප මත නිදහස් කර තිබේ. 

views

251 Views

Comments

arrow-up