රෝගීන් අනතුරේ? – අත්‍යවශ්‍ය ඖෂධ 140ක් හිඟයි..!

ජීවිතාරක්ෂක ඖෂධ 3ක් මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක් පවතින බව ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා.
හෘදයාබාධ රෝගීන් සඳහා රුධිර කැටි දියකරන streptokinase සහ tenecteplase හිඟ ඖෂධ අතරට අයත් වන අතර අධි රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ද රෝහල් තුළ නොමැති බව වෛද්‍යවරුන් පවසනවා.
හදිසි අනතුරු නිසා උරස් කුහරයට හානි වූ අවස්ථාවලදී ජීවිත හානිය වළක්වා ගැනීමට භාවිතා කරන අයි.සී. ටියුබ්, (IC tube) සහ Intercostal tube මෙන්ම මුත්‍රා බටවල ද හිඟයක් පවතිනවා.
වෛද්‍යවරුන් පවසන්නේ දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලීන් සහ වේදනා නාශකයක් වන මෝෆින් හිඟවීම රෝගීන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්කර ඇති බවයි.
625 Views
Comments