APR
12
ක්‍රෙඩිට් කාඩ් පොළිය ඉහළට

ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
පසුගිය සිකුරාදා (08) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 700 කින් ඉහළ නැංවීමට තීරණය කළ අතර ඒ අනුව ප්‍රතිපත්ති වෙනස් කිරීම් ඵලදායි ලෙස සම්ප්‍රේෂණය වීම සඳහා පහසුකම් සැලසීමට ණය කාඩ්පත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පසුකම් මත පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ද මුදල් මණ්ඩලය තීරණය කරන ලදී.
647 Views
Comments